ගැබ් ගෙන ඇත්දැයි පරීක්‍ෂා කරන්නේ කොහොමද?
ඔබ දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවද? ගැබ් ගෙන ඇත්දැයි පරීක්‍ෂා කර ගන්න අවශ්‍යද? නිවසේදීම එය පරීක්ෂා කර ගන්න දන්නවද? ඇත්තටම, ඔබ ගැබ් ගෙන ඇතැයි සැකයක් තිබේ නම්, එය check කර ගත යුතුමයි. ගොඩක් කාන්තාවන් doctor ලගට යන්න කලින් නිවසේදීම මෙය පරීක්ෂා ගනියි. අද ෆාමසි වල, මේ home pregnancy kits ඉතා අඩු මුදලට ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන්, දරු පිළිසිඳ ගැනීමක් වී දින 06ට පසු හෝ නියමිත ඔසප් දින පසු වී දින 01ට පසු මෙම පරීක්ෂාව කර ගැනීමෙන්, ඔබ pregnant ද නැද්ද හරියටම දැන ගන්න පුළුවන්.
නමුත් මෙය භාවිතා කරන්නේ කොහොමද කියල දන්නවද? මුලින්ම කියන්න ඕනි දෙයක් තමයි, මේ home pregnancy kits වල package එකේ තියෙන උපදෙස් ඒ විදියටම පිළිපැදිය යුතුමයි. ඉතින් මුලින්ම, ඔයාගේ මුත්‍රා ටිකක් පිරිසිදු භාජනයකට ගෙන, එයට මේ stick එක ගිල්වන්න (මෙහිදී package එකේ උපදෙස් දී ඇති මට්ටමට පමණක් ගිල්වන්න). ඉන්පසු, මදක් සිටින්න. තත්පර කීපයකින් ඔබට result එක දිස් වෙයි. මේ ප්‍රතිපලය ඉරකින් හා වර්ණයකින් ලැබේ.සමහර ඩිජිටල් tests වල “pregnant” හෝ “not pregnant” කියලත් වැටෙනවා. හැබැයි මෙහිදී, “positive” සහ “negative” results වල තේරුම දැනගෙන ඉන්නත් ඕන.
Positive කියන්නේ ඔයා pregnant කියන එකයි. එසේ දැනගත් වහාම doctor කෙනෙක්ව මුණගැසී මේ පිළිබඳව හොදින් පරීක්ෂා කරගත යුතුයි. හැබැයි ඉතින්, ඔයාගේ මුත්‍රා වල ප්‍රෝටීන් හෝ ලේ මිශ්‍ර වෙලා තිබ්බොත්, වැරදි positive result එකක් ලැබෙන්නත් පුළුවන්. නමුත් ඒ වගේ වෙන්නේ බොහොම කලාතුරකින්. සාමාන්‍යයෙන්, මේ නිවසේදී පරික්ෂා කර ගැනීම 99% පමණ නිවැරදියි. හැබැයි හරි විදියට මෙය භාවිතා නොකිරීම, කල් ඉකුත් වූ ටෙස්ට් ස්ටික්ස් භාවිතය, හිරුඑළියට නිරාවරණව තිබීම වගේ හේතු නිසා, වැරදි ප්‍රතිපලත් ලැබීමට 1% ක පමණ අවස්ථාවක් තිබෙනවා. කොහොම නමුත් මේ පිළිබඳව දැනුවත් වෙලා ඉන්න එක ඔයාලා හැමෝටම හොදයි නේද?