HIV

HIV ගැන නම් අහල නැති කෙනෙක් නෑ නේද? මීට වසර ගණනාවකට කලින් නම්, මේ ගැන කතා බහ කලේ බටහිර රටවල් සම්බන්දයෙන්. නමුත් අද, මෙය ශ්‍රි ලංකාවේද ඉතා වේගයෙන් පැතිරෙමින් තියෙනවා. ඇත්තටම මේ HIV කියන්නේ මොකක්ද? මේක ඇත්තටම වයිරස් එකක්, අපේ immune system එකට (ප්‍රතිශක්තිකරණ පද්ධතියට) ක්‍රමයෙන් හානි කරයි. මේ වයිරස් එක ශරීරගත වූ කෙනෙක්ට යම් රෝගයක් වැළදුනොත්, ඒ රෝගයත් එක්ක සටන් කරන්න එම පුද්ගලයාට ඉතා අසීරු වෙනවා. T-helper කියන සුදු රුධිරානු සෛල වර්ගයට තමයි මෙයින් හානි සිදු වන්නේ.

HIV වයිරසයේ රෝග ලක්ෂණ 
මේ රෝග ලක්ෂණ අපි සදහන් කලත්, මේ ලක්ෂණ තිබු සැනින්, ඔබට HIV වයිරසය වැළදී ඇතැයි අනුමාන කරන්න බැහැ. එය හරියටම දැනගන්න පුළුවන් වෙන්නේ blood test එකක් කිරීමෙනුයි.

01. HIV මුල් අවධියේ ලක්ෂණ
HIV ශරීර ගතවුණාට පසු පළමු සති 2-4 ඇතුලත උණ ගතියක් ඇති වේ. උණ, වෙව්ලීම, ඇගේ පලු දැමීම, රාත්‍රී කාලයේ දහඩිය දැමීම, මස්පිඩු වේදනා, උගුරේ අමාරුකම්, තෙහෙට්ටුව වැනි ලක්ෂණ ගණනාවක් මේ ආදියේදී දකින්න පුළුවන්. හැබැයි මේ ලක්ෂණ තිබු සැනින්, තමන්ට ඒඩ්ස් තියනවා කියල හිතන්න එපා. මේ ලක්ෂණ අනෙකුත් රෝග වලටද පෙනෙන්නට පුළුවන්.