මෙය සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවක් සේ වැළදේ. ඉතින් මේ කාලයේ, අපි අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණය හොඳින් තබා ගත යුතුයි.ඒ සදහා, ප්‍රතිශක්තිකරණය වඩවන කෙම වැඩියෙන් අනුබව කර යුතුයි. එනම්; රතුළුණු, පොලොස්, සුදුලුනු, නිවිති, පැඟිරි කුලේ පලතුරු, ඉගුරු, බ්‍රොකොලි, යෝගට්, ආමන්ඩ්, ගස්ලබු, කහ, කිවි, කොමඩු. වතුර පුළුවන් හාම පානය කල යුතුයි. සෙනග වැඩිපුර ගෙවසෙන තැන වලට යෑම හැකිතාක් අවම කල යුතුයි. ඒ වගේ ස්ථාන වලට යාමේදී, මුක ආවරණයක් පැළදීම වඩාත් හොදයි. නහය පිරිසිදු කිරීමේදී, ඒ සදහා ටිෂු හෝ පිරිසිදු රෙදි කඩක් පාවිච්චි කල යුතුයි. ඒවා නිසි පරිදි කසල බඳුන් වලට දැමිය යුතුයි. නිරතුරු හෑන්ඩ් වොෂ් වගේ හොදින් දෑත් පිරිසුදු වෙන දෙයකින් අත් සේදිය යුතුයි.

මේ දේවල් තුලින් ඔබට මේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විය හැකියි.