BMI Calculator

නිරෝගිමත් දිවියක් ගත කරන්න කැමති නම්, අපේ ශරීර තත්වය හරියට පරීක්ෂා කර ගන්නට විවිධ ක්‍රම පාවිච්චි කරන්න වෙනවා. ඉතින් එහෙම දෙයක් තමයි මේ BMI කියන්නේ. BMI කියන්නේ, අපේ උස හා බර උපයෝගී කරගෙන අපේ ශරීරයේ ස්ථුලතාවය මනින ක්‍රමයයි. මෙය, වයස අවු. 18-65 අතර ඕනෑම ගැහැණු/පිරිමි කෙනෙකුට පරීක්ෂා කර ගත හැකියි. මේ BMI අගය මගින් ඔබ නිසි බරෙහි සිටිනවාද, අධික තරබාරු බවක්ද තිබෙන්නේ නැතහොත් අඩු බර තත්වයකද සිටින්නේ කියල දැනගත හැකියි. එහි වර්ගීකරණය තමයි මේ;

අගය 18.5 ට වඩා අඩු නම් – අඩු බර තත්වය
අගය 18.5 – 24.99 අතර නම් – නියමිත බර
අගය 25 – 29.99 අතර නම් – අධි බර තත්වය
අගය 30 – 34.99 අතර නම් – ස්ථූලත්වය (Class 1)
අගය 35 – 39.99 අතර නම් – ස්ථූලත්වය (Class 2)
අගය 40 හෝ ඊට වැඩි නම් – අධික ස්ථූලත්වය
BMI අගය ලබා ගන්නේ කොහොමද?
එය, පහත සදහන් සමීකරණය යොදා ගනිමින් හෝ පහත සදහන් ලින්ක් එක මගින් BMI Calculator වෙත ගොස් එය පරීක්ෂා කරගත හැක.
BMI අගය = (බර කිලෝ / (උස මීටර් * උස මීටර්) )
BMI Calculator; http://www.bmicalculator.ie/
මෙහිදී ලැබෙන අගය 18.5 ට වඩා අඩු නම්  එනම් අඩු බර තත්වයක් නම්, බර වැඩි කර ගැනීමට කටයුතු කල යුතුයි. කාබොහයිඩේ‍්‍රට අඩංගු ආහාර වැඩිපුර  ගැනීමෙන් හා දිනපතා ව්‍යායාම කිරීමෙන් බර වැඩි කරගත හැක. මීට අමතරව, වැඩිපුර ජලය පානය කිරීමෙන්, කුඩා කුඩා ප්‍රමාණයේ ආහාර වේල් කීපයක්ම දවස පුරා ගැනීමෙන්, කෝපි, මත්පැන් හා සෝඩා බීම බීමෙන් වැළකීමෙන්, processed food හා රතු මස් අනුභව නොකිරීමෙන් ඔබේ බර වැඩි කර ගත හැක. ඒ වගේම, දුම්බීමෙන් වැළකිය යුතුයි.
මෙහිදී ලැබෙන අගය 125 – 29.99 අතර නම්  එනම් අධි බර තත්වයක නම්, නිසි කෑම පාලනයක් තුලින් හා ව්‍යායාම කිරීම තුලින් ඔබේ බර පාලනය කර ගත හැක. ඒ වගේම ප්‍රධාන කෑම වේලකට ප්‍රථමයෙන් සුප් එකක් හෝ සැලඩ් එකක් අනුභව කිරීමෙන්, වැඩි ආහාර ප්‍රමාණයක් කෑමට තිබෙන අවස්ථාව අඩු කර ගත හැක. නමුත් ඔබේ BMI අගය 30 ටත් වැඩි නම්, ස්ථුලතා තත්වයක් තුල ඔබ  සිටීනම්, හොදම දෙය තමයි, වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතීම.
කෙසේ වුනත් මේ BMI Calculator එක මගින් ඔබට ඉතා පහසුවෙන් නිරෝගීමත් සිරුරක් පවත්වා ගත හැක.